baby makaroni
අදත් මම ඔයාලට අලුත්ම කෑමක් අරගෙන ආවා.ඒ තමයි මකරෝනි වලින් හදන්ඩ පුළුවන් අලුත්ම කෑමක් .හරි අපි වැඩි විස්තර නැතුව වැඩේ පටන් ගමු... අවශ්‍ය ද්‍රව්‍ය'; .ඔලිව් තෙල් මේස හැදී 2 ක් .කරට් .ලීක්ස් කොළ 2 ක් .සියනින් පව්ඩර් මේස හැදී 2 ක් .මකරෝණි ග්‍රෑම් 150 ක් .කපාගත් ගෝව ටිකකක් .නැව්ම් කිරි කෝප්ප 2 ක් .ග්රේට් කරගත් චීස් කෝප්ප 2/1 ක් .ලොකු ලුණු ගෙඩි 1 ක් .ලුණු,ගම්මිරිස් .සිහින්ව ලියාගත් පාසලි මේස හැදී 3ක් සාදන ආකාරය'; පෑන් එකක් ලිප තබා එයට ඔලිව් තෙල් එකතු කරන්ඩ.එය රත් වූ පසු සිහින්ව කොටු හැඩයට කපාගත් ලුණු එකතු කරන්න.ඉන්පසු ග්රේට් කරගත් කැරට්,සිහින්ව කපාගත් ලීක්ස්,ගෝව එක්කර නැවුම් කිරි කෝප්ප දෙකම පෑන් එකට දමන්න.එයට ලුණු, ගම්මිරිස් ස්වල්පයක්,සියනින් පව්ඩර්,ග්රේට් කරගත් චීස් එක්කර අවසානයේ තම්බාගත් මකරෝණි එක්කර හොදින් මිශ්‍ර කරන්න.මෙම සාදාගත් මකරෝණි පිගනකට බෙදා සිහින්ව ලියාගත් පාසලි වලින් සරසා ගන්න...
No comments:
Post a Comment