MIX මිටි රයිස් එකක් ලේසියෙන්ම සාදන ආකාරය
mix මීටී රියිස්
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අලුත්ම කෑමක් ලේසියෙන්ම සද ගන්න ආකාරය ගැනයි. ඔයාලා අනිවරෙන්ම ෆ්‍රයිඩ් රයිස් කලානම් ඇති.ඒත්ඔයාලා මේවගේ කෑමක් කලානම් නැතුව ඇති. අවශ්‍ය ද්‍රව්‍ය;' 1.පිසගත් සම්බා බත් ග්‍රෑම් 500 ක් 2.කුකුල් මස් ග්‍රෑම් 50 ක් 3.බේකන් ග්‍රෑම් 50 ක් 4.සෝයා සෝස් මේස හැදි 3 ක් 5.ඔයිස්ටර් සෝස් මේස හැදී 2 ක් 6. කැරට් ග්‍රෑම් 50 ක් 7.ලීක්ස් ග්‍රෑම් 50 ක් 8.ඉගුරු ග්‍රෑම් 25 ක් 9.බටර් ග්‍රෑම් 50 ක් 10.රස අනුව ලුණු සාදන ක්‍රමය;' කුකුල් මස් හා බේකන් කුඩාවට කපා බැදගන්න.කැරට්,ලීක්ස් ගිනිකුරු හැඩයට ලියා ගන්න.ඉගුරු ඉතා සිහින්ව කැබලි කපන්න.දැන් බදුනකට බටර් දමා ලිප තබා එය රත් කරන්න.ඉන්පසුව එයට කැරට් සහ ලීක්ස් එකතු කර තෙම්පරාදු කරන්න.දැන් මේ තෙම්පරදුවට බත් ටික එකතු කරන්න.එයටම සෝයා සෝස් ඔයිස්ටර් සෝස්,බැදගත් චිකන් හා බේකන් එකතු කරන්න.අවශ්‍ය ප්‍රේමානයට ලුණු දමා හොදින් කලවම් කරන්න.ඉන්පසු දීසියකට බෙදා සරසා ගෙන කෑම මේසයට යවන්න....
පට්ටම කෑමක්
ReplyDelete