Monday, April 2, 2018

milk පුඩිමක් ලේසියෙන්ම සාදාගන්න ආකාරය

milk pudding                                                          



පුඩින් නම් කව්රුත් කාලා ඇති,දැකල ඇති.එත් කවදාකවත් කලාවත්,දැකලවත් නැතුව ඇති කිරි පුඩිමක්.අද මම ඔයාලට කියල දෙන්ඩ යන්නේ රසම රස ඒ කිරි පුඩිම හදන හැටි.. 

යාලුවනේ ඔයාලට මේක දකිද්දී කටට කෙල උනනවා ඇති නේද.හරි හරි මන් දන්නවා ඔයාලට මේක හදන්නේ කොහොමද කියල දැනගන්නකන් ඉවසුමක් නැතුව ඇති.වැඩි කතා ඕනේ නෑ අපි වැඩේ පටන් ගමු....

අවශ්‍ය ද්‍රව්‍ය;'

         1.කිරි පයින්ට් 1 ක් 

         2.බිත්තර 4 ක්     

         3.වැනිලා ස්වල්පයක්      

         4.සීනී රාත්තල් 4/1 ක් 

         5.වියළි මිදී ස්වල්පයක් 

සාදන ක්‍රමය;'

             කිරි බාජනයකට  දමා උණු කර,නිවෙන්න හරින්න.බිත්තර හොදින් ගසාගන්න.දැන් වැනිලත්,සීනීත් එකතු කර ගසා ගන්න.එයටම කිරිත් මිශ්‍ර කර ගසන්න.වියළි මිදී උඩින් අසුරා පුඩිං බජනයක මිශ්‍රණය දමා තෙල් කඩදාසියකින් වසා පැයක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න...










































No comments:

Post a Comment