Monday, April 2, 2018

Spaghetti නැපොලිටානා සාදන ආකාරය

HI,ඔඅන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ  ඔයාල කව්රුත් දන්නා spaghetti අලුත් ක්‍රමයකට හදන විදිහ ගැනයි..

            මේ spaghetti කියන්නේ රසම රස පට්ටම කෑමක්.මන් හිතනවා ඔයාල spaghetti නම් කාලා ඇති කියල.එත් ඔයාල මේ මන් ඔයාලට කියල දෙන්න යන කෑමනම් කාලා නැතිව ඇති යාලුවනේ.මේ කෑම නම් ඔයාල අනිවරෙන්ම හදල බලන්න.    


අවශ්‍ය ද්‍රව්‍ය;'


    1.spaghetti ග්‍රෑම් 400 ක් 

    2.තක්කාලි ග්‍රෑම් 300 ක්   

    3.සුදුලූනු ග්‍රෑම් 10 ක් 

    4.ගම්මිරිස් කුඩු 

    5.ඔලිව් තෙල් මේස හැදී 4 ක්    

    6.තෙල් මේස හැදී 1 ක් 

    7.ලූනූ ග්‍රෑම් 60 ක් 

    8.ලුණු(රස අනුව ) 

    9.ගාගත් චීස් ග්‍රෑම් 200 ක් 

  10.තක්කාලි පේස්ට් මේස හැදී 1 ක් 

 සාදන ක්‍රමය;'

         තෙල් ටිකක් එකතු කරගත් වතුරට spaghetti දමා මෘදුවන තුරු තම්බා පෙරා ගන්න.සුදු ලූනූ,තක්කාලි කුඩාවට කපා ගන්න.දැන් ඔලිව් තෙල් ටිකක් ළිප තබා රත්වූ විට එයට කපාගත් ලූනූ,සුදුලූනූ,තක්කාලි පේස්ට්,ලුණු,ගම්මිරිස්,ගාගත් චීස් ද මිශ්‍ර කරන්න.spaghetti හා සමග කලවම් කර ආහාරයට ගන්න.                                                                                                                                                                  

No comments:

Post a Comment