Monday, April 2, 2018

දෙල් Cutlets සාදන ආකාරය

HI,අද මම ඔයාලට කියල දෙන්න යන්නේ CUTLETS හදන හැටි.cutlets කීවට මේක අලුත්ම cutlets වර්ගයක්.

              අද මම ඔයාලට කියල දෙන්න යන්නේ දෙල් cutlets හදන ආකාරය ගැනයි.යාලුවනේ ඔයලට් මේක අලුත්ම කෑමක් වෙයි.වැඩි කතා ඕනේ නෑ.මන් ඔයාලට කියල දෙන්නම් මේ කෑම කොහොමද හදන්නේ කියල..හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු..

අවශ්‍ය ද්‍රව්‍ය;'

       1.දෙල් ගෙඩි 1 ක්                 

       2.ගම්මිරිස් ස්වල්පයක්   

       3.අමු මිරිස්,රතුලූනු,කරපිංචා,රම්පා කැබැල්ලක්,කුරුදු පොතු කැබැල්ලක්.  

       4.පොල්තෙල්  

       5.විස්කෝතු කුඩු,බිත්තර සුදු මදය,ලුණු    

සාදන ක්‍රමය;'

          පළමුව දෙල් ගෙඩිය හොදට පිරිසිදු කර,හතරට කපා ලුණුත් සමග තම්බා ගන්න.ඉන්පසුව එය හොදට පොඩි කරගන්න.සිහින්ව කපා ගත් සියල්ලම එයට දමා ගම්මිරිස් කුඩුකර,එයත් මිශ්‍ර කර හොදට අනාගන්න.පසුව මෙය කුඩා බෝල,නැත්නම් ඔබ කැමති කුමන හෝ හැඩයකට සාදා බිත්තර සුදු මදයේ දවටා විස්කෝතු කුඩු වල තවරා තෙල් ළිප තබා හොදට රත් කර මෙම ගුලි දමා රන්වන් පාට වනතුරු බැද නිව්ණාට පසුව කෑමට ගන්න.... 










No comments:

Post a Comment