Monday, April 2, 2018

පලතුරු සැන්විච් සාදන ආකාරය


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පලතුරු වලින් හදන සැන්විච් එකක් හදන ආකාරය ගැනයි.

         පලතුරු වලින් හදන රසම රස කෑමක් තමයි.මේ පලතුරු සැන්විච් කියන්නේ.හරිම ලේසියෙන් පුළුවන් ඔයාලට මේ පලතුරු සැන්විච් එක හදා ගන්න.අපි වැඩි විස්තරයක් නැතුව බලමු මේ කෑම හදාගන්නේ කොහොමද කියල ...   

අවශ්‍ය ද්‍රව්‍ය;'

         1.ඇපල් පෙති 2 ක් 

         2.ස්ට්‍රොබරි පෙති 3 ක් 

         3.දොඩම් පෙති 3 ක් 

         4.කෙසෙල් පෙති 2 ක්    

         5.අන්නාසි පෙති 1 ක්     

         6.පාන් පෙති 8 ක් 

         7.බටර් ස්වල්පයක්     

සාදන ක්‍රමය;'

          පාන් පෙතිවල බටර් තවරන්න.පාන් පෙත්ත මත එක උඩ එක සිටින ආකාරයට පලතුරු තබන්න.එය ඉතිරි පාන් පෙත්තෙන් වසා ත්‍රිකෝණ හැඩයට කපන්න.පලතුරු කැබලි තබා අලංකාර  කරගත් දීසියක තබා පිළිගන්වන්න.

No comments:

Post a Comment